Search This Blog

Thursday, October 31, 2019

වේල්ලවැහුම් (පෑන් කේක්)

වේල්ලවැහුම්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි ග්‍රෑම් 100 ක්
  • පොල් බෑයක පොල්
  • පිටි ග්‍රෑම් 250 ක්
  • ලුණු අවශ්‍ය පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • වතුර අවශ්‍ය පමණ
සාදන ක්‍රමය 
  • මුලින් ම පැණි පොල් මිශ්‍රණය සදා ගැනිම සදහා සුදුසු භාජනයක් ලිප තබා සීනි ටිකක් දමා  මදක් කරවෙන්න හරින්න.
  • ඉන්පසු එය රන්වන් පැහැ වේගෙන එන විට වතුර ටිකක් දමා ගන්න.
  • ඉන්පසු ඉතිරි සීනි ටික ද දමා ගෙන වතුර අවශ්‍ය පමණ දමා උණු කර ගන්න. ඉන්පසු පැණි මිශ්‍රණය හොදින් උණු වු පසු ලිපෙන් බා ගන්න.
  • ඉන් පසු පිටි මිශ්‍රණය සෑදීම සදහා මුලින්ම පිටි ටික පෙනෙරයකින් හලා ගන්න.
  • ඉන්පසු සුදුසු භාජනයක් ගෙන පිටි ටික ටික දමා වතුරෙන් දිය කර ගන්න. කැටි නොසිටන සේ හොදින් දිය කර ගන්න.
  • ඒ අතර තුර ලුණු හා කහ කුඩු දමා හොදින් මිශ්‍ර කර ගන්න.     
  • පිටි මිශ්‍රණයේ පදම තෝසේ පදමට සමාන ලෙස සකසා ගන්න. (දියාරෑම නැති උකු ගතියක් වන ලෙස)
  • ඉන්පසු තැටියක් ලිප තබා තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණය හැන්දකින් සෙමින් වක්කර තුනි කර ගන්න. (තෝසේ වක්කරන ලෙස) 
  • ඉන්පසු එය පිච්චුන පසු ලිපෙන් ගෙන පෑණි ස්වල්පයක් දමා රෝල් කර ගන්න.
  • මෙලෙස පෑණි දමා සකස් කර ගත් පසු කෑමට ගත හැකිය.

ice coffee (අයිස් කෝපි)

 අයිස් කෝපි


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි ග්‍රෑම් 500 යි
  • ටින් කිරි 01 යි
  • වතුර බෝතල් 04 යි
  • වැනිලා තේ හැදි 04 යි
  • කෝකෝ කුඩු මේස හැදි 02 යි
  • කෝපි ග්‍රෑම් 100 යි

සාදන ක්‍රමය
  • වතුර නටන තෙක් උණුකර කෝකෝ කුඩු හා කෝපි කුඩු එයට එක් කරන්න.
  • මිනිත්තු 10 ක් පමණ ලිප මත තැම්බෙන්න හැර ලිපෙන් බා භාජනයට පෙරා ගන්න.
  • සීනි හා ටින් කිරි දමා හොදින් කලවම් කර ගන්න.
  • නිවෙන්න හැර වැනිලා එක්කර පෙරා ශීතකරණයේ තබා බීමට ගන්න.


Monday, October 28, 2019

biscuit pudding (බිස්කට් පුඩිං)

බිස්කට් පුඩිං


අවශ්‍ය ද්‍රව්‍ය 
  • මාරි බිස්කට් ග්‍රෑම් 300 යි
  • අයිසින් ෂුගර් 
  • ඇස්ට්‍රා ග්‍රෑම් 250 යි
  • කිරි පිටි හැදි 6 යි
  • චොකලට් පවුඩර්
සාදන ක්‍රමය
  • අයිසින් ෂුගර්, චොකලට් පවුඩර්, බටර් දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • කිරි මෙිස හැදි 6 උණුවතුරෙන් දිය කරන්න.
  • ඉන් පසු මාරි බිස්කට් කිරි දමා පොගවා ගන්න.
  • පුඩිං අසුරන භාජනය හොදින් සෝදා එයට අයිසිං ෂුගර් සහිත මිශ්‍රණය දමන්න.
  • ඉන්පසු පොගවා ගත් බිස්කට් අසුරන්න. ඉන්පසු මිශ්‍රණය අසුරන්න මේ අකාරයට භාජනය පිරෙන තුරු අසුරන්න.
  • ඉන්පසු  ශිතකරණයේ තබන්න.  


Sunday, October 27, 2019

පොඩ් බබාලට පෝෂණ ගුණයෙන් වැඩ් ඔම්ලට් එකක් හදමු (පැලකල මුං බිජ දැමු ඔම්ලට්)

පැලකල මුං බිජ දැමු ඔම්ලට්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • බිත්තර 1 යි
  • පැල කරන ලද මුං බිජ අවශ්‍ය පමණ
  • රතු ලුනු ගෙඩි 2 යි
  • අමු මිරිස් කරල් 1 යි
  • ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
  • ලුණු කුඩු අවශ්‍යශ පමණට
සාදන ක්‍රමය
  • මුං පැල මදක් වාෂ්පයෙන් තම්බා ගන්න.
  • ඉන්පසු රතුලුනු, මිරිස් පොඩිවට කපා ගන්න.
  • බිත්තරය කඩා මදක් ගසා ගන්න.
  • ඉන්පසු මුං පැල හා කපාගත් ද්‍රව්‍ය බිත්තරයට එක් කරන්න. 
  • ඉන්පසු එයටම ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එක්කර ගන්න.
  • ඉන්පසු සුදුසු බදුනක් ළිප තබා තෙල් ආලේප කර රත් වු පසු එයට බිත්තර මිශ්‍රණය දමා පිසගන්න.
මේ ඔම්ලට් එක පොඩි අයට වගේම ලොකු අයටත් හොදයි.

Friday, October 25, 2019

මාමලේඩ් - How to make Marmalade

පැගිරි කුලයේ පළතුරුවලින් සදා ගන්නා ජලීමය අර්ධ ඝන පැණි රසැති තැවරිය හැකි කෑමක් තමා මේ මාමලේඩ් කියන්නේ. හරියටම කිව්වොත් ජෑම් වගේ තමා එත් ජෑම් නම් නෙවෙයි හොදද.                    

මේ සදහා දොඩම්, නාරං,ජම්බෝල, දෙහි, ලෙමන් වගේ පළතුරු ගන්න පුලුවන්. හැබැයි මේ පළතුරු තොර ගන්නකොට තැලිච්ච නැති හොදින් ඉදුනු පළතුරු ගන්න ඕන නැත්නම් මේ මාමලේඩ් හැදුවට පස්සේ තිත්ත රසක් දැනෙන්න පුලුවන්. මේ මාමලේඩ් ජෑම් විදිහට තවරලා කෑමට ගන්නත් පුලුවන්,නැත්නම් අයිස් ක්‍රීම්, කිරි, යෝගට් වගේ දෙවල් එක්කත් කෑමට ගන්න පුලුවන්. 

මාමලේඩ්


අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් ඉදුණු පළතුරු (පැගිරි කුලයේ ඉහත දක්වා ඇති ඕනම එක් පළතුරක් තොරා ගන්න)
  • සීනි අවශ්‍ය පමණ
  • වතුර අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • හොදින් ඉදුණු පළතුරුවල පිටත බාහිර ආවරණය සිහින්ව ඉවත් කර ගන්න.
  • ඉන්පසු මැද ඇති සුදු පැහැති ස්පෝන්ච්මය කොටසත් අභ්‍යන්තරයේ ඇති යුෂ සහිත කොටසත් සිහින්ව කපා ඇට ඉවත් කර ජලය ද යොදා සෙමින් රත්කර ගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණයටම සීනි ද එක්කර සෙමින් රත්කර ගන්න.
  • මෙහි උකු ගතියක් පෙන්නු විට ළිපෙන් ඉවතට ගන්න.
  • ඉන්පසු අවශ්‍ය නම් වාෂ්පයෙන් තම්බා ගත් උණුසුම් තත්ත්වයේ ඇති බෝතලයකට මේ මිශ්‍රණය උණුවෙන්ම පුරවා දිගුකාලයක් තබා ගත හැකිය.   

ඔයාලත් අදම රසවිදින්න.

Thursday, October 24, 2019

යෝගට් - How to make Yogurt

යෝගට්


අවශ්‍ය ද්‍රව්‍ය
  • එළකිරි ලීටර් 06 යි
  • පිටිකිරි තේ හැදි 08 යි
  • සීනි ග්‍රෑම් 500 යි
  • ජෙලටීන් ග්‍රෑම් 50 යි
  • යෝගට් කෝප්ප 01 යි
  • එග් යෙලෝ
  • වැනිලා
  • ස්ටෝබෙරි හා මිදි
සාදන ක්‍රමය
  • එළකිරි, පිටිකිරි,සීනි හෝදින් දියකර ලිප තබා සෙන්ටිග්‍රේට් අංශක 48 දක්වා උණු කරන්න.
  • ඒ අතර ජෙලටීන් උණුවතුරට මිශ්‍රකොට එය ඉහත මිශ්‍රණයට දමා කැටි ගැසෙන්නට නොදී හැදි ගාමින් කලතන්න.
  • ඉන්පසු මිශ්‍රණය ලිපෙන් බා එයට එග්යෙලෝ, වැනිලා, මිදි, ස්ටෝබෙරි ආදිය දමා සෙන්ටිග්‍රේට් අංශක 40 ක උණුසුම අඩු වු පසුව යෝගට් කෝප්පය මිශ්‍ර කර ගන්න.
  • ඉන්පසුව කෝප්පවලට දමා නිවෙන්නට හරින්න.


Tuesday, October 22, 2019

වැලිතලප

වැලිතලප


අවශ්‍ය ද්‍රව්‍ය
  • පිටි කිලෝ ග්‍රෑම් 01 ක්
  • සීනි කිලෝ ග්‍රෑම් 01 ක්
  • පොල් ගෙඩි 2 ක්
  • ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
  • පළමුව සිහින්ව ගාගත් පොල් ටිකට වතුර ස්වල්පයක් දමා මිරිකා ගන්න.
  • ඉන්පසුව පොල්වලට ලුණු ස්වල්පයක් දමා කලවම් කරන්න.
  • දැන් එයටම හාල් පිටි ටිකෙන් ටික එකතු කරමින් කැට කරන්න.
  • වරින් වර අත වතුරින් තෙමා ගෙන මෙය කලවම් කල යුතු අතර ඉතා සිහින් කැට බවට පත්කර ගත යුතු ය.
  • කුඩා කැට බවට පත් වු පසු ස්ට්මර් එකක තබා වාෂ්පයෙන් තම්බා ගන්න.
  • දැන් සීනි ස්වල්පයක් භාජනයකට දමා ළිප තබන්න.
  • සීනි ටික දුඹුරු පැහැයට හැරි කර විගෙන එන විට උණු වතුර ටිකක් දමන්න.
  • ඉන්පසු එයටම ඉතිරි සීනි ටික ද එකතු කර හොදින් උණු කර ගන්න.
  • මෙය පත් පැණි විගෙන එන විට තම්බා ගත් පිටි ටික කැට කඩා එයට එකතු කර හොදින් කලවම් කර ගන්න.
  • ඉන්පසු කෙසෙල් කොළයකට දමා තුනී කර කැලි කපා ගන්න.


ලැවරියා - How to make lawariya

ලැවරියා


අවශ්‍ය ද්‍රව්‍ය
  • සූරාගත් හකුරු හෝ සීනි ග්‍රෑම් 200 යි
  • පොල් බෑයක පොල්
  • එනසාල් කරල් 2 යි
  • ලුණු අවශ්‍ය පමණ
  • ඉදි ආප්ප සදහා අවශ්‍ය පිටි මිශ්‍රණය
සාදන ක්‍රමය
  • හකුරු හෝ සීනි, පොල්, එනසාල්, ලුණු යන මේ සියල්ල දමා පොල් පැණි සාදා ගන්න.
  • ඉන් පසු ඉදි ආප්ප මිශ්‍රණය සාදා ගෙන ඉදිආප්ප වංගෙඩියකින් තෙල් තැවරූ කෙසෙල් කොළයක් මතට ඉදි ආප්ප වත්කර ගන්න.
  • ඉන් පසු මැදට පැණි පොල් ටික බැගින් තබා කෙසෙල් කොළය උස්සා ඉදිආප්පය  නවා අගිස්ස තදකර වණ්ඩුවේ තම්බා ගන්න.   



Monday, October 21, 2019

කරවිල සම්බෝල

කරවිල සම්බෝල


අවශ්‍ය ද්‍රව්‍ය
  • කරවිල ග්‍රෑම් 250 යි
  • අමු මිරිස් කරල් 2 යි
  • රතුලුනු ගෙඩි 10 යි
  • තක්කාලි ගෙඩි 1 යි
  • කරපිංචා ඉත්තක්
  • සුදුලුනු බික් 2 යි
  • දෙහි යුෂ හා ලුණු
  • තෙල් 
සාදන ක්‍රමය
  • කරවිල සිහින්ව පෙති කපා ලුණු දියට දමන්න.
  • මද වෙලාවකින් සෝදා මිරිකා ගන්න.
  • ඉන්පසු තෙලෙන් රන්වන් පැහැවනතෙක් බැද ගන්න.
  • අනිකුත් දෑ සිහින්ව ලියාතෙල් බේරුණු කරවිලවලට මිශ්‍ර කරන්න.
  • දෙහි යුෂ හා ලුණු ද යොදා කලවම් කර ගන්න. 









Thursday, October 17, 2019

තක්කාලි සෝස්

කෘතිම රසායනික නැතුව තක්කාලි සෝස් ගෙදරදිම  ලෙසියෙන්ම හදාගන්න විදිහ තමා අද අපි කියලා දෙන්නේ.

තක්කාලි සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය
  • තක්කාලි ගෙඩි 5ක්
  • ඉගුරු කැබැල්ලක්
  • කරාබු නැටි 2-3ක්
  • ගම්මිරිස් ඇට 2-3
  • සුදුලුනු බික් 2-3ක්
  • කුරුදු කැබැල්ලක්
  • මිරිස් කුඩු අවශ්‍ය පමණ
  • සීනි ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • විනාකිරි ස්වල්පයක්
  • රෙදි කැබැල්ලක්
සාදන ක්‍රමය
  • පළමුව තක්කාලි හොදින් සොදා කැබලි කපා ගන්න.
  • ඉන්පසු කපා ගත් තක්කාලි කැබලි හොදින් අඹරා ගන්න.
  • ඒ අතරතුර පිරිසිදු රෙදි කැබැල්ලක් පිළිවෙල කර ගන්න. 
  • ඉන්පසු විනාකිරි ස්වල්පයක් දමා ඉගුරු, කරාබු නැටි,සුදු ලුනු, ගම්මිරිස් හා කුරුදු  එකට යන්තම් පොඩි වන තෙක් අඹරා ගන්න.(මදක් කැබලි සිටින ලෙස) 
  • ඉන්පසු අඹරා ගත් මිශ්‍රණය පිළිවෙල කර ගත් රෙදි කැල්ලේ දමා පොට්ටනියක් බැද ගන්න.
  • හොදින් අඹරා ගත් තක්කාලි මිශ්‍රණය ලිප තබා රත්කරන්න. එයටම මිරිස් කුඩු, ලුණු, විනාකිරි ස්වල්පයක් දමා හොදින් හැදි ගාන්න.
  • ඉන්පසු කලින් සකස් කර ගත් කුලුබඩු පොට්ටනිය ළිපේ ඇති තක්කාලි මිශ්‍රණයට දමා පොට්ටනියේ ඇති ඉස්ම තක්කාලි මිශ්‍රණයට එක්කරන්න. (මෙහිදි පොට්ටනිය තක්කාලි මිශ්‍රණයේ ඇතුලටම නොදමන්න. වඩාත් පහසුයි හැන්දක පොට්ටනිය ගැට ගසා හෝ අතින් අල්ලා කලවම් කිරිම )
  • ඉන්පසු පොට්ටනිය ඉවත් කර තක්කාලි මිශ්‍රණය හොදින් හැදි ගා ගන්න.
  • ඉන්පසු ගින්දර මදක් අඩු කර සීනි එක්කර හොදින් කලවම් කර ගන්න.
  • ඉන්පසු ළිපෙන් ඉවතට ගෙන අවශ්‍ය පරිදි බෝතලයකට දමා හෝ කෑමට ගත හැකි යි.


Wednesday, October 16, 2019

පැණි දැමු දෙල්

පැණි දැමු දෙල්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • දෙල් ගෙඩි 1 යි
  • තෙල්
  • සීනි
  • ලුණු හා කහ
සාදන ක්‍රමය
  • තුනියට කපා ගත් දෙල් පෙති කහ හා ලුණු වතුරේ දමා මද වේලාවක් තබන්න.
  • තෙල් බදුනක් ළිප තබා රත් වු පසු එයට දෙල් කැබලි දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න.
  • මෙසේ බැදගත් දෙල් පපඩම් ලෙස ගත හැකියි.
  • නැත්නම් සීනිවල දවටා මුරුක්කු ලෙස කෑමට ගැනීමටත් පුලුවන්.  



Monday, October 14, 2019

පොළොස් සම්බෝල

පොළොස් සම්බෝල


අවශ්‍ය ද්‍රව්‍ය
  • කුඩා පොළොස් ගෙඩි 1 යි
  • පොල් අඩලයක පොල්
  • රතු ලුනු, අමු මිරිස්, උම්බලකඩ, ලුණු හා දෙහි (අවශ්‍ය පමණ)
සාදන ක්‍රමය
  • පොළොස් ගෙඩියේ පොතුහැර වහල්ල ඉවත්කර පෙති කපා වතුර බදුනකට දමන්න.
  • ඉන්පසු සෝදා තම්බා ගන්න.
  • තම්බාගත් පොළොස් කැබලි පොඩිකර ගන්න.
  • එයට ගාගත් පොල් සමග ලියාගත් අමු මිරිස්,රතු ලුනු, උම්බලකඩ කුඩු, ලුණු හා දෙහි යුෂ ද එක්කර ගන්න.


දුන්තෙල් බත්

දුන්තෙල් බත්



අවශ්‍ය ද්‍රව්‍ය
  • සම්බා හෝ බාස්මතී කිලෝ 1 යි
  • ස්ටොක් සාරය (මස් තැම්බු වතුර) ලීටර් 1 යි
  • ඩ්‍රිපිං ග්‍රෑම් 100 යි
  • බොම්බයි ලුනු ගෙඩි 6 යි
  • එනසාල්, කරාබු නැට්, ගම්මිරිස් කුඩු තේ හැදි 1 බැගින්
  • රම්පෙ, කරපිංචා, ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
  • එනසාල්, කරාබු නැට්, ගම්මිරිස් කුඩු ආදිය තුනී රෙදිකඩකින් පොට්ටනියක් කර බදින්න.
  • ඩ්‍රිපිං ළිප තබා නටවා බොම්බයි ලුනු, රම්පෙ, කරපිංචා ආදිය තෙලේ බැදගන්න.
  • ඊටම ස්ටොක් සාරය එකතු කර තෙම්පරාදු කර ගන්න.
  • මිශ්‍රණයට හාල් එකතු කර කුලුබඩු පොට්ටනිය ද දමා ස්ටොක් සාරයෙන් බත මෙළෙක් වනතුරු මදගින්නේ පිසගන්න. 






Tuesday, October 8, 2019

කෙසෙල් මුව සම්බල්

කෙසෙල් මුව සම්බල්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කෙසෙල් මුව
  • රතුලුනු 20g
  • අමු මිරිස් කරල් 5ක්
  • පොල් අවශ්‍ය පමණ
  • අවශ්‍ය නමි උම්බලකඩ ස්වල්පයක්
  • දෙහි බෑවක්
  • ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • කෙසෙල් මුව සිහින්ව ලියා ගන්න.
  • රතුලුනු හා අමු මිරිස් සිහින්ව ලියා ගන්න.
  • ඉන්පසු සියලු දේ එකට දමා පොල් සමග මිශ්‍ර කර ගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණයට ලුණු හා දෙහි ඉස්ම එකතු කර කලවම් කර ගන්න.


Monday, October 7, 2019

බෝංචි තෙම්පරාදුව

බෝංචි තෙම්පරාදුව


අවශ්‍ය ද්‍රව්‍ය
  • බෝංචි ග්‍රෑම් 500
  • රතුලුනු ග්‍රෑම් 50
  • මිරිස් කුඩු මේස හැදි 1 යි
  • ලුණු ස්වල්පයක්
  • කහ කුඩු මේස හැදි 1 1/2 යි
  • උම්බලකඩ කුඩු මේස හැදි 1 1/2 යි
  • කරපිංචා (කොළ කැබලි කඩාගන්න)
  • පොල් බෑයක මිටිකිරි හා දියකිරි
  • තක්කාලි ග්‍රෑම් 100
  • පොල්තෙල් ස්වල්පයක්
  • උලුහාල් ඇට කිපයක් 
සාදන ක්‍රමය
  • බෝංචි සෝදා රේණු ඉවත්කර අගලක් පමණ දිග කැබලිවලට කපාගන්න.
  • ඉන්පසු රතුලුනු පොතුහැර සිහින්ව ලියා ගන්න.
  • බෝංචි සමග රතුලුනු, මිරිස්, කහ, ලුණු සහ උම්බලකඩ කුඩු අනාගෙන කිරි වර්ග දෙකම දමා හිදෙන තුරු තම්බා ගන්න.
  • ඉන්පසුව බෝංචි උයාගත් ඇතිළියෙන් බෝංචි දිසියකට අස්කර පොල්තෙල් ස්වල්පයක් ඇතිළියට දමා නටවා ගන්න.
  • නටන තෙල්වලට සිහින්ව කපාගත් තක්කාලි, උලුහාල් සහ කරපිංචා දමා හොදින් බැදගන්න.
  • ඊටම උයාගත් බෝංචි එකතු කර බෝංචි කැබලි සියල්ල තෙල්වල තැවරෙන තුරු පෙරළා ගන්න.    



මුං ඇට බත්

පෝෂණ ගුණයෙන් ඉහළ මුං ඇට අපේ එදිනෙදා කෑම වේලට එක්කර ගමු.

අද අපි ඔයාලට ගෙනවා තවත් රසවත් කෑමක්. ඔයාලා රස විදලා ඇති නේද මුං ඇට කිරිබත් ඒත් මේ මුං ඇට කිරිබත් නම් නෙවෙයි. මේ කිරි මිශ්‍ර නොකර හදා ගන්න මුං ඇට බත්. මුං ඇට වාගේ ධාන්‍ය පෝෂණ ගුණයෙන් වැඩි නිසා අපේ එදිනෙදා කෑම වේලට එක් කර ගන්නවා නම් හොදයි. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටියන්ද ධාන්‍ය වර්ග කෑමට වැඩි ප්‍රියතාවයක් නොදක්වන නිසා මේ මුං ඇට බත ඒ අයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි.   

මුං ඇට බත්


අවශ්‍ය ද්‍රව්‍ය
  • මුං ඇට ග්‍රෑම් 100 ක්
  • සම්බා හාල් කිලෝ 1/2 ක්
  • වතුර ලීටර් 1 ක්
  • පදමට ලුණු
සාදන ක්‍රමය
  • මුං ඇට සෝදා වතුර බේරාගන්න.
  • මුං ඇට කබලේ බැදගෙන කොටා පියලි කර ගන්න.
  • ඒවා සාස්පානකට දමා සෝදා ගරාගත් හාල් ද ලුණු සහ වතුර ද එකතු කරන්න.
  • හාල් තැම්බෙන තුරු මදගින්නේ පිසගන්න.

Sunday, October 6, 2019

කරපිංචා සම්බල්

කරපිංචා සම්බල්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කරපිංචා ලපට් දලු මිටක්
  • රතු ලුනු 20g
  • අමු මිරිස් කරල් 5 ක්
  • අවශ්‍ය නමි උම්බලකඩ ස්වල්පයක්
  • දෙහි බෑයක්
  • ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • සියලු දේ එකින් එක පිටිවන තුරු අබරා ගන්න.
  • ඉන්පසු සියලු දේ හොදින් පිට් ලෙස ඇඹරූ පසු දෙහි බෑයක ඉස්ම එකතු කර හොදින් කලවම් කර ගන්න.



Saturday, October 5, 2019

රුලං පුඩිම

රුලං පුඩිම


අවශ්‍ය ද්‍රව්‍ය
  • රුලං කෝප්ප 3/4 ක්
  • කිරි කෝප්ප 3 1/2 ක්
  • සිනී කෝප්ප 1/2 ක් 
  • රටඉදි අවශ්‍ය පමණ
  • මුද්දරප්පලම් අවශ්‍ය පමණ
  • කජු ස්වල්පයක්
  • වැනිලා තේ හැදි 1 ක්
  • කුඩු කරගත් එනසාල් තේ හැදි 1/2 ක් 
සාදන ක්‍රමය
  • කිරි සාස්පානකට දමා නටවා ගන්න.
  • රටඉදි ඇට ඉවත් කර සිහින් කැබලිවලට කපා ගන්න.
  • කිරි නටවා ගත් පසු එයටම සිනී,කපා ගත් රටඉදි,වැනිලා සහ එනසාල් මිශ්‍ර කර ගන්න.
  • ඉන්පසු රුලං එම මිශ්‍රණයටම දමා ලිපේ තිබියදිම හොදින් කලවමි කර ගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණය ඝනවී  හැදි මිටක ඇලෙන තෙක් හැදි ගා ගත් පසු මිශ්‍රණය නිවෙන්නට තබන්න.
  • ඉන්පසු අතුරුපස බදුන්වලට දමා ඊට උඩින් මුද්දරප්පලම් හා කජු එක්කර ගන්න.   


Tuesday, October 1, 2019

ගස්ලබු ටොෆි

ගස්ලබු ටොෆි


අවශ්‍ය ද්‍රව්‍ය
  • බාගෙට ඉදුණු ගස්ලබු, පොතු හැර සෝදා ශුද්ධ කර සුරාගත් ග්‍රෑමි 500ක්
  • සීනි ග්‍රෑමි 500ක්
  • රටකජු පියළි කර ග්‍රෑමි 50ක්
  • කරදමුංගු, කරාබුනැටි කුඩු තේ හැදි 1/4ක් 

සාදන ක්‍රමය
  • බදුනක් ගෙන සීනි, ගස්ලබු එකට දමා මිශ්‍රකර මදගින්නේ පිසින්න.
  • සීනි දියවි උකුවන පදමට එනවිට ප්‍රවෙිශමෙන් හැදි ගාන්න.
  • මිශ්‍රණය බෝලයක් ආකාරයට ගල් ගැසි එන විට රටකජු, කරදමුංගු, කරාබුනැටි කුඩු හා ලුණු ස්වල්පයක් බැගින් එකතු කර හැදි ගා මිශ්‍රණය බටර් ගා ගත් තැටියකට දමා කෑලි කපා ගන්න.  


සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...