Search This Blog

Thursday, October 17, 2019

තක්කාලි සෝස්

කෘතිම රසායනික නැතුව තක්කාලි සෝස් ගෙදරදිම  ලෙසියෙන්ම හදාගන්න විදිහ තමා අද අපි කියලා දෙන්නේ.

තක්කාලි සෝස්


අවශ්‍ය ද්‍රව්‍ය
  • තක්කාලි ගෙඩි 5ක්
  • ඉගුරු කැබැල්ලක්
  • කරාබු නැටි 2-3ක්
  • ගම්මිරිස් ඇට 2-3
  • සුදුලුනු බික් 2-3ක්
  • කුරුදු කැබැල්ලක්
  • මිරිස් කුඩු අවශ්‍ය පමණ
  • සීනි ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • විනාකිරි ස්වල්පයක්
  • රෙදි කැබැල්ලක්
සාදන ක්‍රමය
  • පළමුව තක්කාලි හොදින් සොදා කැබලි කපා ගන්න.
  • ඉන්පසු කපා ගත් තක්කාලි කැබලි හොදින් අඹරා ගන්න.
  • ඒ අතරතුර පිරිසිදු රෙදි කැබැල්ලක් පිළිවෙල කර ගන්න. 
  • ඉන්පසු විනාකිරි ස්වල්පයක් දමා ඉගුරු, කරාබු නැටි,සුදු ලුනු, ගම්මිරිස් හා කුරුදු  එකට යන්තම් පොඩි වන තෙක් අඹරා ගන්න.(මදක් කැබලි සිටින ලෙස) 
  • ඉන්පසු අඹරා ගත් මිශ්‍රණය පිළිවෙල කර ගත් රෙදි කැල්ලේ දමා පොට්ටනියක් බැද ගන්න.
  • හොදින් අඹරා ගත් තක්කාලි මිශ්‍රණය ලිප තබා රත්කරන්න. එයටම මිරිස් කුඩු, ලුණු, විනාකිරි ස්වල්පයක් දමා හොදින් හැදි ගාන්න.
  • ඉන්පසු කලින් සකස් කර ගත් කුලුබඩු පොට්ටනිය ළිපේ ඇති තක්කාලි මිශ්‍රණයට දමා පොට්ටනියේ ඇති ඉස්ම තක්කාලි මිශ්‍රණයට එක්කරන්න. (මෙහිදි පොට්ටනිය තක්කාලි මිශ්‍රණයේ ඇතුලටම නොදමන්න. වඩාත් පහසුයි හැන්දක පොට්ටනිය ගැට ගසා හෝ අතින් අල්ලා කලවම් කිරිම )
  • ඉන්පසු පොට්ටනිය ඉවත් කර තක්කාලි මිශ්‍රණය හොදින් හැදි ගා ගන්න.
  • ඉන්පසු ගින්දර මදක් අඩු කර සීනි එක්කර හොදින් කලවම් කර ගන්න.
  • ඉන්පසු ළිපෙන් ඉවතට ගෙන අවශ්‍ය පරිදි බෝතලයකට දමා හෝ කෑමට ගත හැකි යි.


No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...