Search This Blog

Friday, October 25, 2019

මාමලේඩ් - How to make Marmalade

පැගිරි කුලයේ පළතුරුවලින් සදා ගන්නා ජලීමය අර්ධ ඝන පැණි රසැති තැවරිය හැකි කෑමක් තමා මේ මාමලේඩ් කියන්නේ. හරියටම කිව්වොත් ජෑම් වගේ තමා එත් ජෑම් නම් නෙවෙයි හොදද.                    

මේ සදහා දොඩම්, නාරං,ජම්බෝල, දෙහි, ලෙමන් වගේ පළතුරු ගන්න පුලුවන්. හැබැයි මේ පළතුරු තොර ගන්නකොට තැලිච්ච නැති හොදින් ඉදුනු පළතුරු ගන්න ඕන නැත්නම් මේ මාමලේඩ් හැදුවට පස්සේ තිත්ත රසක් දැනෙන්න පුලුවන්. මේ මාමලේඩ් ජෑම් විදිහට තවරලා කෑමට ගන්නත් පුලුවන්,නැත්නම් අයිස් ක්‍රීම්, කිරි, යෝගට් වගේ දෙවල් එක්කත් කෑමට ගන්න පුලුවන්. 

මාමලේඩ්


අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් ඉදුණු පළතුරු (පැගිරි කුලයේ ඉහත දක්වා ඇති ඕනම එක් පළතුරක් තොරා ගන්න)
  • සීනි අවශ්‍ය පමණ
  • වතුර අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • හොදින් ඉදුණු පළතුරුවල පිටත බාහිර ආවරණය සිහින්ව ඉවත් කර ගන්න.
  • ඉන්පසු මැද ඇති සුදු පැහැති ස්පෝන්ච්මය කොටසත් අභ්‍යන්තරයේ ඇති යුෂ සහිත කොටසත් සිහින්ව කපා ඇට ඉවත් කර ජලය ද යොදා සෙමින් රත්කර ගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණයටම සීනි ද එක්කර සෙමින් රත්කර ගන්න.
  • මෙහි උකු ගතියක් පෙන්නු විට ළිපෙන් ඉවතට ගන්න.
  • ඉන්පසු අවශ්‍ය නම් වාෂ්පයෙන් තම්බා ගත් උණුසුම් තත්ත්වයේ ඇති බෝතලයකට මේ මිශ්‍රණය උණුවෙන්ම පුරවා දිගුකාලයක් තබා ගත හැකිය.   

ඔයාලත් අදම රසවිදින්න.

No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...