Search This Blog

Wednesday, November 27, 2019

How to make mango jelly - අඹ ජෙලි

අඹ ජෙලි


අවශ්‍ය ද්‍රව්‍ය
  • අඹ ගෙඩි 20 ක් පමණ
  • සීනි කිලෝ 1 1/2 ක් 
  • වතුර
සාදන ක්‍රමය
  • අඹ සැහැගෙන ඇටය හැර මස්  කොටස කුට්ටි කපා ගන්න.
  • සාස්පානකට අඹ දමා එය වැසෙන්නට ඇති තරම් වතුර වත්කර හැදි ගාමින් නටවා ගන්න.
  • සාදාගත් අඹ මිශ්‍රණය මස්ලින් රෙදි කඩකින් පෙරාගෙන අඹ ඉස්ම ලීටර් එකක සීනි ග්‍රෑම් 750 ක් පමණ එකතු කරගෙන හැදි මිටේ ඇලෙන තෙක් හැදි ගාමින් නටවා ගන්න.


Friday, November 22, 2019

ජුජුබ්ස්

ජුජුබ්ස්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි කිලෝ 1 යි
  • වතුර මිලි ලීටර් 500 යි
  • ජෙලටින් ග්‍රෑම් 200 යි
  • උණු වතුර මිලි ලීටර් 100 යි
  • අයිසිං අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • සීනි හා වතුර හොදින් කලවම් කර උණු කරන්න.
  • පත් පැණි තරමට උණු  වුවාට පසු හැන්දකට ගෙන එයට පිඹින විට නූල් මෙන් විහිදේ.
  • මෙය ලිපෙන් බා විනාඩියක් පමණ තියන්න.
  • ජෙලටින් වතුරේ දියකර පෙරාගෙන ඉහත උණු සීනි දියරයට කලවම් කරන්න.
  • තැටියකට දමා ශිතකරණයේ හෝ එළියේ පැයක් පමණ තැබු විට ඝන වේ.
  • පසුව ඔබට අවශ්‍ය හැඩයකට කපා ගන්න.
  • එම ජුජුබ්ස් කැබලි අයිසිං සීනි හෝ කෝන් පිටිවල පෙරලා ගන්න.


Thursday, November 21, 2019

ගජුර් නැත්නම් සීනි මුරුක්කු ලෙසියෙන්ම හදා ගන්න

ගජුර් - සීනි මුරුක්කු


අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි ග්‍රෑම් 250 යි
  • පොල්තෙල් අවශ්‍ය පමණ
  • සීනි ග්‍රෑම් 250 යි
  • පදමට ලුණු
  • වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
  • භාජනයකට පිටි හලාගෙන ඊට ලුණු සහ වතුර ද එකතුකර අනාගන්න.
  • පිටි අතේ නොඇලෙන පදමට අනාගත් පසු ලෑල්ලකට ගෙන බෝතලයකින් තුනීකර ගන්න.
  • දැන් හතරැස් කොටු හැඩයට කපා ගන්න.
  • මේ කොටු තෙලේ බැදගන්න.
  • සීනි උණුකර පත් පැණි පදමට එනවිට බැදගත් කැබලි ඊට එකතු කර කලවම් කර ගන්න.

Wednesday, November 20, 2019

පාන් ටෝස්ට්

පාන් ටෝස්ට්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • පාන් පෙති
  • උකු පොල් කිරි කෝප්ප 1 යි
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1 යි
  • මිරිස් කුඩු තේ හැදි 2 යි
  • ලුණු ස්වල්පයක් හා කහ ස්වල්පයක්
  • බිත්තර
සාදන ක්‍රමය
  • පාන් හැර අනෙක් සියලුම දෑ බදුනකට දමා හොදින් ගසන්න.
  • කපා ගත් පාන් පෙත්ත බැගින් මෙම මිශ්‍රණයේ බහා පොගවා ගන්න.
  • රොටි පුච්චන තැටිය ළිප තබා රත් වු විට පාන් පෙත්ත දමා දෙපැත්ත පුලුස්සා ගන්න.

Tuesday, November 19, 2019

කිරි පුඩ්ං - milk pudding

කිරි පුඩ්ං


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි ග්‍රෑම් 100 යි
  • ටින්කිරි 1/2 යි
  • බිත්තර 5 යි
  • මුද්දරප්පලම්, කජු මද සහ වැනිලා ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය
  • ටින්කිරි උණු වතුර පයින්ට් එකක දියකර ගන්න.
  • සාදාගත් ටින්කිරි ද්‍රාවණයට සීනි සහ හොදින් ගසාගත් බිත්තර ද වැනිලා ද මුද්දරප්පලම් ද එකතු කර හොදින් ගසා ගන්න.
  • සුදුසු භාජනයක බටර් තවරා ඊට මිශ්‍රණය දමා ඊට කුඩුකර ගත් කජු මද උඩින් ඉසින්න.
  • සුදුසු රෙදි කඩකින් භාජනයේ කට වසා පැයක් පමණ හුමාලයෙන් තම්බා ගන්න. 

Monday, November 18, 2019

පොල් පුඩ්ං / How to make coconut pudding - 2 ක්‍රමය

පොල් පුඩ්ං - 2 ක්‍රමය



අවශ්‍ය ද්‍රව්‍ය
  • උකු පොල් කිරි කෝප්ප 3 යි
  • බිත්තර 10 යි
  • සීනි මේස හැදි 8 යි
  • වැනිලා තේ හැදි 3යි
  • කලරින්
  • කජු මද 
  • මුද්දරප්පලම්
  • කපාපු පොල් මේස හැදි 3 යි (ඩෙසිකේටඩ්)

සාදන ක්‍රමය
  • කජු මද කුඩා කැබලිවලට කපා,රන්වන් පැහැය වනතෙක් බැද ගන්න.
  • කපාපු පොල් කබලේ රන්වන් පැහැයට බැද ගන්න.
  • බිත්තර 10 කඩා බදුනකට දමා සීනි දියවෙනතුරු ගසා ගන්න.
  • එය පොල් කිරි සමග කලවම් කර හොදින් ගසා ගන්න.
  • එයට මුද්හාදරප්පලම් උඩින් ඉස, වැනිලා හා  කලරින් එකතු කර සුදුසු බදුනකට දමා වාෂ්පයෙන් තම්බා ගන්න.
  • සකසා ගත් පසු බැදගත් කජු හා කපාපු පොල් උඩින් ඉස ගන්න.


Sunday, November 17, 2019

පොල් පුඩ්ං / How to make coconut pudding - 1 ක්‍රමය

පොල් පුඩ්ං (coconut pudding) - 1 ක්‍රමය



අවශ්‍ය ද්‍රව්‍ය
  • කපාපු පොල් (ඩෙසිකට් කළ පොල්) ග්‍රෑම් 250 යි
  • සීනි ග්‍රෑම් 250 යි
  • කලරින් බිංදු කිපයක් (ඔබ කැමති පාට තොරා ගන්න)
  • වැනිලා ස්වල්පයක්
  • කිරි මිලිලිටර් 250 යි
  • බිත්තර 2 යි
සාදන ක්‍රමය
  • කිරි හා සීනි බදුනකට දමා උණු කර ගන්න.
  • ඉන්පසු බිත්තර කහ මද වෙන් කරගෙන වෙනම එය ගසා ගන්න.
  • ඉන්පසු එය කිරි බදුනට දමන්න.
  • ඩෙසිකට් පොල් ද එම බදුනටම දමන්න.
  • වැනිලා හා කලරින් බිංදු කිපය ද මිශ්‍ර කරන්න.
  • බටර් ගා ගත් තැටියකට එම සාදා ගත් මිශ්‍රණය දමා සෙන්ට්ග්‍රේඩ් අංශක 180 ක උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 45 ක් පමණ බේක් කර ගන්න. 


Friday, November 15, 2019

කැරමල් පුඩ්ං

කැරමල් පුඩ්ං


අවශ්‍ය ද්‍රව්‍ය 
  • බිත්තර 05
  • ටින්කිරි 01
  • සීනි 250 g
  • වැනිලා බිංදු කිපයක්

සාදන ක්‍රමය
  • ටින් කිරි හා සීනි හොදින් මිශ්‍ර කර ගසා ගන්න.
  • ඉන්පසු බිත්තර ද හොදින් ගසා ගන්න.
  • ගසා ගත් බිත්තර හා කිරි හොදින් මිශ්‍ර කරන්න. මෙයට වැනිලා බිංදු කිපයක් එකතු කරන්න.
  • ඉන්පසු සීනි මේස හැදි 02කට ජලය මේස හැදි 03 දමා හොදින් කැරමල් කරන්න.
  • ඉන්පසු එම මිශ්‍රණය භාජනයේ සෑම තැනකම ගල්වන්න.
  • ඉන්පසු සකස් කළ මිශුණය එයට දමන්න.
  • ඉන්පසු එයට ජලය නොයන සේ ආවරණය කර වාෂ්පයෙන් තම්බා ගන්න. 


කොස් ඇට අග්ගලා

කොස් ඇට අග්ගලා


අවශ්‍ය ද්‍රව්‍ය
  • කොස් ඇට අවශ්‍ය පමණ
  • පොල් ස්වල්පයක්
  • පැණි හුණ්ඩු 1/2 යි
  • ලුණු රස අනුව
සාදන ක්‍රමය
  • කොස් ඇට හොදින් බැද ගන්න.
  • ඉන්පසු කොස් ඇටවල පොතු ඉවත් කරන්න.
  • දැන් කොස් ඇට සිහින්ව කොටා ගන්න.
  • පැණි ටිකක් භාජනයකට දමා එයට පොල් සහ ලුණු එකතු කර කලවම් කරන්න.
  • එයට කොටා ගත් කොස් ඇට පිටි එක්කර අනා ගන්න.
  • එයින් අග්ගලා සාදා ගත හැකි ය.


Tuesday, November 12, 2019

අල ටොෆි

අල ටොෆි


අවශ්‍ය ද්‍රව්‍ය 
  • අල ග්‍රෑම් 500 යි
  • සීනි ග්‍රෑම් 250 යි
  • වැනිලා බිංදු කිහිපයක්
  • පොල් කිරි කෝප්ප 1/2 යි
සාදන ක්‍රමය
  • අල තම්බා පොතු හැර ගෑරුප්පුවකින් පොඩි කර ගන්න.
  • සාස්පානක් ලිප තබා ඊට සීනි දමා පැණි වේගෙන එන විට පොල් කිරි මිශ්‍ර කර ගන්න.
  • එයටම වැනිලා එකතු කර ගන්න.
  • දැන් අල ද එකතු කර හොදින් හැදි ගාන්න.
  • මිශ්‍රණය හැන්දේ ඇලෙන පදමට ආ විට ලෑල්ලක ඝනකමට අතුරා කැලි කපා ගන්න. 

Monday, November 11, 2019

පොල් ටොෆි

පොල් ටොෆි


අවශ්‍ය ද්‍රව්‍ය 
  • පොල් ගෙඩියක පොල්
  • සීනි ග්‍රෑම් 250 යි
  • රෝස පාට කලරින් තේ හැදි 1/4 යි
  • වැනිලා බිංදු කිපයක්
සාදන ක්‍රමය
  • පොල් සිහින්ව ගා ගන්න.
  • ඉන්පසු සාස්පානක් ලිප තබා ඊට සීනි දමා වතුර ඉතා ස්වල්පයක් මිශ්‍ර කර පැණි කර ගන්න.
  • ඊට පොල්, කලරින් හා වැනිලා එකතු කර පත් ගාන්න.
  • මිශ්‍රණය හැන්දේ ඇලෙන පදමට ආ විට ලෑල්ලක ඝනකමට අතුරා කැලි කපා ගන්න. 


Sunday, November 10, 2019

කිරිටොෆි

කිරිටොෆි


අවශ්‍ය ද්‍රව්‍ය 
  • ටින් කිරි 1 යි
  • සීනි ග්‍රෑම් 250 යි
  • කජු ග්‍රෑම් 100 යි
  • වැනිලා බිංදු කිපයක්
සාදන ක්‍රමය
  • ටින් කිරි හා සීනි  සාස්පානක දමා ලිප තබා නටවා ගන්න.
  • කජු හා වැනිලා ද ඊට එකතු කර හැන්දේ ඇලෙන පදමට ගන්න.
  • බටර් තැවරූ ලූල්ලක මිශ්‍රණයට අතුරා කෑලි කපා ගන්න. 


Friday, November 8, 2019

හත්මාලුව

හත්මාලුව



අවශ්‍ය ද්‍රව්‍ය 
  • වම්බටු, අලු කෙසෙල්, ගෝවා, බණ්ඩක්කා, කජු, බෝංචි, ග්‍රීන්පීස්
  • රතුලුනු ගෙඩි කිපයක්
  • සුදුලුනු බීක් 3 යි
  • රම්පෙ, කරපිංචා
  • උලුහාල් ස්වල්පයක්
  • මිටිකිරි හා දියකිරි වෙනම තබාගන්න
  • කහ කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු, මිරිස් කුඩු
  • ලුණු  
සාදන ක්‍රමය
  • එළවලු වර්ග හතෙන්ම සම සමව ගන්න.
  • පිරිසිදු කරගත් පසු කැමති හැඩයකට කපා ගන්න.
  • උලුහාල්, රම්පෙ, කරපිංචා, රතුලුනු, සුදුලුනු, කහ කුඩු, තුනපහ කුඩු හා මිරිස් කුඩු දිය කිරට එක් කරන්න.
  • එළවලු ද දමා ලිප තබන්න.
  • ඉදුණු පසු දියකිරි හිදිගෙන යනවිට මිටිකිරි හා ලුණු එක් කරන්න.


Wednesday, November 6, 2019

තල අග්ගලා

තල අග්ගලා


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සුදු කැකුලු හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • තල ග්‍රෑම් 100 ක්
  • සීනි ග්‍රෑම් 500 ක්
  • ගම්මිරිස් ඇට 4-5 ක් පමණ
  • වතුර අඩු කෝප්ප 1/2 ක්

සාදන ක්‍රමය
  • හාල් පිටි බැදගන්න. ඉන්පසු ගම්මිරිස් කුඩු කර ගන්න.
  • ඉන්පසු බදුනකට සීනි දමා ලිප තබා පත් පැණි වනතුරු උණු කරන්න.
  • එය ලිපෙන් ඉවතට ගෙන හාල් පිටි, ගම්මිරිස් කුඩු, තල ඇට දමා මිශ්‍රකර ගන්න.
  • ඉන්පසු හොදින් මිශ්‍ර වු පසු අතේ බටර් ටිකක් ගාගෙන  මිශ්‍රණයෙන් ටික ටික ගෙන ගුලි සාදා ඒ මත නැවතත් හාල් පිටි කුඩු තවරා ගන්න. 

Tuesday, November 5, 2019

බෙලි බීම

බෙලි බීම


අවශ්‍ය ද්‍රව්‍ය 
  • බෙලි ගෙඩි කීපයක් 
  • වතුර අවශය පමණ
  • සීනි
  • දෙහි යුෂ
  • ලුණු
සාදන ක්‍රමය 
  • ඉදුණු බෙලි ගෙඩි පලා මද සූරා බදුනකට දමන්න.
  • වතුර ප්‍රමාණවත් පරිදි එයට දමා හොදින් මිරිකා ගන්න.
  • ඉන්පසු බ්ලෙන්ඩරයට දමා ගසන්න.
  • පසුව එය පෙරා අවශ්‍ය පරිදි සීනි හා දෙහි යුෂ එක් කර ගන්න.


Monday, November 4, 2019

වටලප්පන්

වටලප්පන්



අවශ්‍ය ද්‍රව්‍ය
  • හකුරු ග්‍රෑම් 250 යි
  • බිත්තර 4 යි
  • පොල් කිරි අඩු කෝප්ප 1 යි
  • වැනිලා බිංදු කිපයක්
සාදන ක්‍රමය
  • හකුරු හිනියට ගාගන්න. (කුඩු වන සේ කපා ගන්න)
  • එම ගාගත් හකුරුවලට පොල් කිරි දමා හොදින් හැදි ගා මිශ්‍රකර ගන්න. 
  • බිත්තර හොදින් ගසා ගන්න.
  • ඉන්පසු හකුරු මිශ්‍රණයට බිත්තර ද එක්කර හොදින් මිශ්‍ර කර ගන්න.
  • මිශ්‍රණය හොදින් මිශ්‍ර වු පසු වැනිලා බිංදු කිපයක් දමා ගන්න.
  • අවශ්‍ය නම් මෙම මිශ්‍රණයට කජු ද එකතු කර ගත හැකි ය.
  • ඉන්පසු මේ මිශ්‍රණය සුදුසු භාජනයකට දමා අවන් එකේ උෂ්ණත්වය සෙන්ට්ග්‍රේඩ් 120 - 150ක විනාඩි 15 - 25 තබා බේක් කර ගත හැකිය. නැත්නම් වාෂ්පයෙන් තම්බා ගත හැකියි. (වාෂ්පයෙන් තම්බා ගැනිමේ දි ඊට උච්ත භාජනයක් ද අවන් එකේ බේක් කර ගන්නවා නම් ඊට උච්ත භාජනයක් ද භාවිතා කරන්න.)  

කොස් මුරුක්කු

කොස් මුරුක්කු



අවශ්‍ය ද්‍රව්‍ය 
  • කොස් මදුලු 25ක් පමණ
  • පොල්තෙල් බෝතල් 1/4 යි
  • සීනි ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
  • කොස් මදුලු ඇට ඉවත් කර තීරු කපා ගන්න.
  • කොස් මදුලු තීරු කහ සහ ලුණුවල දවටා ගැඹුරු තෙලෙහි ලා රන්වන් පාටට බැදගන්න.
  • තෙල් බේරා ගන්න.
  • සීනි සාස්පානක දමා පැණි වන තුරු පත් ගාගෙන ඊට බැදපු කොස් එකතු කර හොදින් මිශ්‍රකර ටික වේලාවකින් ලිපෙන් බා ගන්න.


Sunday, November 3, 2019

රුලං බිස්කට්

රුලං බිස්කට්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • පාන්පිටි ග්‍රෑම් 125 ක්
  • රුලං ග්‍රෑම් 125 ක්
  • මාජරින් ග්‍රෑම් 125 ක්
  • සීනි ග්‍රෑම් 125 ක්
  • බිත්තර 1 ක්
සාදන ක්‍රමය
  • පාන්පිටි, රුලං පිටි සමග මිශ්‍රකර හලා ගන්න.
  • මාජරින් සහ සීනි බදුනකට දමා හොදින් ක්‍රීම් කරන්න.
  • එයට බිත්තර එකතු කරන්න.
  • ඉහත සදා ගත් මිශ්‍රණයට පිටි හා රුලං මිශ්‍ර කර ගන්න.
  • තැටියක් ගෙන එහි මාජරින් තවරා මිශ්‍රණය තුනීකර සෙන්ටිග්‍රේඩ් 200 ක උෂ්ණත්වයකින් විනාඩි 15 ක් පමණ බේක් කර ගන්න.
  • කැමති හැඩයකට කපා ගන්න.


සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...