Search This Blog

Thursday, November 21, 2019

ගජුර් නැත්නම් සීනි මුරුක්කු ලෙසියෙන්ම හදා ගන්න

ගජුර් - සීනි මුරුක්කු


අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි ග්‍රෑම් 250 යි
  • පොල්තෙල් අවශ්‍ය පමණ
  • සීනි ග්‍රෑම් 250 යි
  • පදමට ලුණු
  • වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
  • භාජනයකට පිටි හලාගෙන ඊට ලුණු සහ වතුර ද එකතුකර අනාගන්න.
  • පිටි අතේ නොඇලෙන පදමට අනාගත් පසු ලෑල්ලකට ගෙන බෝතලයකින් තුනීකර ගන්න.
  • දැන් හතරැස් කොටු හැඩයට කපා ගන්න.
  • මේ කොටු තෙලේ බැදගන්න.
  • සීනි උණුකර පත් පැණි පදමට එනවිට බැදගත් කැබලි ඊට එකතු කර කලවම් කර ගන්න.

No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...