Search This Blog

Monday, November 4, 2019

වටලප්පන්

වටලප්පන්



අවශ්‍ය ද්‍රව්‍ය
  • හකුරු ග්‍රෑම් 250 යි
  • බිත්තර 4 යි
  • පොල් කිරි අඩු කෝප්ප 1 යි
  • වැනිලා බිංදු කිපයක්
සාදන ක්‍රමය
  • හකුරු හිනියට ගාගන්න. (කුඩු වන සේ කපා ගන්න)
  • එම ගාගත් හකුරුවලට පොල් කිරි දමා හොදින් හැදි ගා මිශ්‍රකර ගන්න. 
  • බිත්තර හොදින් ගසා ගන්න.
  • ඉන්පසු හකුරු මිශ්‍රණයට බිත්තර ද එක්කර හොදින් මිශ්‍ර කර ගන්න.
  • මිශ්‍රණය හොදින් මිශ්‍ර වු පසු වැනිලා බිංදු කිපයක් දමා ගන්න.
  • අවශ්‍ය නම් මෙම මිශ්‍රණයට කජු ද එකතු කර ගත හැකි ය.
  • ඉන්පසු මේ මිශ්‍රණය සුදුසු භාජනයකට දමා අවන් එකේ උෂ්ණත්වය සෙන්ට්ග්‍රේඩ් 120 - 150ක විනාඩි 15 - 25 තබා බේක් කර ගත හැකිය. නැත්නම් වාෂ්පයෙන් තම්බා ගත හැකියි. (වාෂ්පයෙන් තම්බා ගැනිමේ දි ඊට උච්ත භාජනයක් ද අවන් එකේ බේක් කර ගන්නවා නම් ඊට උච්ත භාජනයක් ද භාවිතා කරන්න.)  

No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...