Search This Blog

Sunday, September 29, 2019

තෙබුකොළ සම්බල්

දියවැඩියා රෝගය සමනය සදහා ගුණදායි තෙබුකොළවලින් 
රසවත් තෙබුකොළ සම්බලයක් සදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය
  • තෙබුකොළ මිටක්
  • රතු ලුනු 20g
  • අමු මිරිස් කරල් 5ක් 
  • පොල් අවශ්‍ය පමණ
  • දෙහි ඉස්ම ස්වල්පයක්
  • අවශ්‍ය නමි උමිබලකඩ ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • තෙබුකොළ හිනියට ලියා ගන්න.
  • ඉන්පසු ගාගත් පොල්වලට සිහින්ව කපා ගත් අමු මිරිස්,රතු ලුනු හා ලුණු එක්කර දෙහි ඇඹුල් සමග මිශ්‍ර කර ගන්න.
  • ඉන්පසුව කපා ගත් තෙබුකොළ ද එයට මිශ්‍ර කර දෙක හොදින් අනාගන්න.     

Saturday, September 28, 2019

හාල්මැස්සන් හොදි

                   රසවත් හාල්මැස්සන් හොද්දක්

                          සාදා ගන්නා ආකාරය




අවශ්‍ය ද්‍රව්‍ය

  • වියළි හාල්මැස්සන් 250g
  • කරපිංචා කොළ ඉත්තක්
  • රම්පේ කොළයක්
  • අමු මිරිස් කරල් 4ක් 
  • බීලුනු ගෙඩියක්
  • තක්කාලි ගෙඩි 4ක්
  • සුදු ලුනු ගෙඩි 1/2
  • උලු හාල් තේ හැදි 1/2
  • කුරුදු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු පුරවාගත් තේ හැදි 2
  • අමු තුනපහ කුඩු තේ හැදි 1 1/2
  • කහ කුඩු තේ හැදි 1/2
  • පොල්  ‍ගෙඩි බෑයක මිටිකිරි හා දියකිරි
  • පොල්තෙල්


සාදන ක්‍රමය


  • මුලින්ම හාල්මැස්සන්ගේ හිස හා යටි බඩ ප්‍රදේශයේ බඩවැල් ඉවත් කර ගන්න. ඉන්පසු හොදින් වැලි ආදිය ඉවත් වන ලෙස ජලයෙන් සෝදා ගන්න. අවශ්‍ය නමි දෙහි ඉස්ම මගින් හාල්මැස්සන්ගේ පිලිගද ඉවත්කර ගත හැක. 
  • මෙසේ සෝදාගත් හාල්මැස්සන් පසෙකින් තබන්න. 
  • කරපිංචා, රම්පේ, අමු මිරිස්, සුදුලුනු, තක්කාලි ආදිය ජලයෙන් පිරිසිදු කර අවශ්‍ය පමණට කපාගන්න.
  • පිසිම සදහා මැටි හට්ටියක් යොදා ගන්න. ලිප දල්වා ලිප මත සෝදාගත් මැටි හට්ටිය තබන්න. ජලය ඉවත්ව ගිය පසු පොල්තෙල් දමා රත්වන තුරු තබන්න.
  • පොල්තෙල් රත් වු පසු මුලින් ම උලුහාල් දමන්න. උලුහාල් බැදුනු පසු කරපිංචා, රම්පේ එක් කරන්න.
  • ඉන්පසු අමු මිරිස් කරල් දමන්න. මදක් මිශ්‍රණය බැදුනු පසු කපාගත් බීලුනු එක් කරන්න. බීලුනු බැදෙන තුරු සාමාන්‍ය ගින්නේ පිස ගන්න.
  • ඉන්පසු ව මිරිස් කුඩු හා අමු තුනපහ කුඩු එක්කර මිශ්‍රණය මදක් තෙම්පරාදු කරන්න.
  • ඉන්පසු කපාගත් තක්කාලි ටික මිශ්‍ර කරන්න. තක්කාලි හොදින් තෙම්පරාදු වු පසු හාල්මැස්සෝ ටික එක් කරන්න.
  • සුදුලුනු හා කහ කුඩු ද එක් කරන්න. මිශ්‍රණය හොදින් කලවම් කර මදක් තෙම්පරාදු වීමට ඉඩ හරින්න.
  • ඉන්පසු ව සාදාගත් දියකිරි ටික දමන්න. මුඩියකින් හට්ටිය වසා හොදින් තැම්බෙන්නට හරින්න.
  • හාල්මැස්සෝ ටික හොදින් තැම්බුනු පසු මිටිකිරි ටික එක් කරන්න. ඒ වාගේම හොදින් හැදි ගාන්න.
  • හොද්ද හොදින් රත් වු පසු ගින්දර අඩුකර මද ගින්නේ විනාඩි 10ක් 15ක් පමණ පිසගන්න. අවශ්‍ය නමි ලුණු එක් කරගන්න.

මෙසේ හොද්ද ලිප මත ඇති විට රතු පැහැති තෙල් මතුවේ. එය රසවත් හාල්මැස්සන් හොද්දක ලකුණකි. මෙසේ සාදාගත් හාල්මැස්සන් හොද්ද ඉදිආප්ප සමග ඉතාම රසවත්ය. ඒ වගේම දහවල් ආහාර වේලට ද කියාපු ව්‍යංජනයකි. ඔයාලත් අදම රසවිදින්න.

Tuesday, September 24, 2019

සීනි සම්බෝල

සීනි සම්බෝල



අවශ්‍ය ද්‍රව්‍ය
  • ලොකු ලුනු කිලෝ 1/4 යි
  • රතු ලුනු කිලෝ 1/4 යි
  • උම්බලකඩ කූඩු මේස හැදි 1 යි
  • කරපිංචා, රම්පේ
  • සියඹලා ඉස්ම මේස හැදි 1 යි
  • සීනි තේ හැදි 1/2 යි
  • තෙල් කෝප්ප 1 යි
  • මිරිස් කුඩු අවශ්‍ය පමණ
  • ලුණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • පළමුව ලුනු වර්ග දෙකම සිහින්ව ලියාගෙන දුඹුරු වනතෙක් බැදගෙන තෙල් බේරෙන්නට පත්තර පිටුවක දමන්න.
  • තෙල් මේස හැදි 1/2 ක් රත්කර කරදමුංගු, කරාබු නැටි, කරපිංචා, රම්පේ තෙම්පරාදු කර මිරිස් කුඩු එකතු කරන්න.
  • උම්බලකඩ කුඩු, බැදගත් ලුනු, සියඹලා හා ලුණු දමා විනාඩි 2ක් පිසගන්න.
  • ඉන්පසු සීනි මිශ්‍ර කර ළිපෙන් ඉවත් කරන්න. 


Sunday, September 22, 2019

පොල් රොට්

පොල් රොට්


අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි ග්‍රෑම් 500 යි
  • පොල් බෑයක් (හොදින් ගා ගන්න)
  • සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 4 ක් පමණ
  • සිහින්ව ලියාගත් රතුලුනු ගෙඩි 6 ක් පමණ
  • ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
  • සියලුම ද්‍රව්‍ය එකට මැටි කෝප්පයකට දමා අනාගන්න.
  • අනාගත් මිශ්‍රණයෙන් ගුලි වෙන්කර බටර් තැවරූ තැටියක තබන්න.
  • කබලක් ළිප තබා ගුලියෙන් ගුලිය ගෙන පැතලි කර පුච්චා ගන්න.
  • ලුණු මිරිස් හෝ කැමති දෙයක්  සමග කෑමට ගන්න.  



Friday, September 20, 2019

ඉදිආප්ප

ඔයාලත් කැමතිද ගෙදරදිම ඉදිආප්ප හදා ගන්න.

ඉදිආප්ප


අවශ්‍ය ද්‍රව්‍ය

  • රතු හෝ සුදු කැකුලු කිලෝ 1 යි
  • උණු වතුර කේතලයක් උතුරුවා ගන්න
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • හාල් සෝදා ගරාගෙන පෙගෙන්නට හරින්න.
  • පසුව වතුර බේරාගෙන කොටා පිටි කරන්න. සාදාගත් හාල් පිටි පෙනේරයකින් හලාගන්න.
  • කබලක් ළිප තබා හාල්පිටි රත්කර ගන්න. නැවතත් පෙනේරයෙන් හලන්න.
  • මෙසේ සාදාගත් හාල්පිටිවලට ලුණු වතුර සහ උණුවතුර පදමට මිශ්‍රකර ගෙන ඝනකමට පාප්පයක් මෙන් අනාගන්න.
  • ඉදිආප්ප වංගෙඩියට දමා ඉදිආප්ප තට්ටුවලට රවුමට වත් කරන්න. වණ්ඩුවේ තම්බා ගන්න.

Monday, September 16, 2019

ඉඹුල් කිරිබත්

ඉඹුල් කිරිබත්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කැකුඑ හාල් ග්‍රෑමි 700
  • පැණි පොල් මිශ්‍රණය
  • කැබලි කරගත් හකුරු ග්‍රෑමි 50 
  • මිටිකිරි කෝප්ප 3
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට 

සාදන ක්‍රමය
  • සාමාන්‍ය ආකාරයට බත පිසගන්න.
  • මිටිකිරි කෝප්ප 3 සහ හකුරු දමා බත ලිපෙන් බා කෙසෙල් කොළයට මිටිකිරි ස්වල්පයක් ඉස කිරිබත් අතුරාගන්න.
  • එයට උඩින් පොල් පැණි තට්ටුව අතුරා කෙසෙල් කොළය ආධාරයෙන් නමා ගන්න.
  • නැතිනමි කෝප්පයක් ගෙන එහි භාගයක් පමණ වනතුරු කිරිබත් අතුරා ඒ මතට පොල් පැණි දමා එයට යළිත් කිරිබත් දමා හොදින් තද කර කෝප්පය අනෙක් පසට හරවන්න. 

Tuesday, September 10, 2019

මාලු කල් තබා ගැනීම

මාලු කල් තබා ගැනීම


අවශ්‍ය ද්‍රව්‍ය

  • මාලු කිලෝ 1 යි
  • ගම්මිරිස් ග්‍රෑම් 100 යි
  • ගොරකා කෑලි 25 යි
  • ලුණු සෑහෙන පමණ
සාදන ක්‍රමය
  • මාලු පෙති කපා හොදින් සෝදාගෙන දිය බේරෙන්නට තබන්න.
  • ලුණු සහ ගම්මිරිස් සිනිදුව අඹරා ගන්න.
  • බදුනක් ගෙන කුරුදුපොතු ටික පතුලටම දමන්න.
  • පසුව මාලු පෙති දමා ඒ මත ඇඹරෑ ගම්මිරිස් හා ගොරකා මිශ්‍රණය හොදින් වත් කරන්න.
  • කබලේ දමා රත්කර ගත් කරපිංචා කොළ ද එයට දමන්න.
  • තැම්බීගෙන එන විට බදුන වරින් වර සොලවමින් ඉස්ම සිදෙන තෙක් උයාගන්න.
  • දින 10-12ක් තබා ගත හැකිය. 

Saturday, September 7, 2019

පරිප්පු හොද්ද

අද අපි පරිප්පු හොද්දක් රසට හදා ගන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා නමි දන්නවා ඇති නේ පරිප්පු හොද්දක් හදන්න නේද ඒ වුනාට දන්නේ නැති අයත් ඇතිනේ එයාලට මේක ගොඩක් වැදගත් වෙයි.

            පරිප්පු හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

  • පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට
  • උම්බලකඩ 
  • මිරිස් කුඩු
  • කහ කුඩු ස්වල්පයක්
  • රතුලුණු ගෙඩි 10ක් පමණ
  • අමු මිරිස් කරල් 4ක් පමණ
  • කරපිංචා
  • රම්පෙ කුඩා කැබලි
  • පොල් අවශ්‍ය පමණ
  • තෙල් ස්වල්පයක්
  • වියළි මිරිස් කරල් 2 පමණ

සාදන ක්‍රමය

  • පරිප්පු සෝදා ගරාගෙන. මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු අවශ්‍ය පමණ දමා අනාගෙන පසෙක තබන්න.
  • ඇතිළියකට තෙල් දමා නටවා ගෙන පොල් කිරි හා පරිප්පු හැරෙන්නට අනෙක් සියලුම ද්‍රව්‍ය දමා සුවද හමන තුරු බැද ගන්න.
  • ඊට පරිප්පු ද එකතු කර පළමුව දියකිරි ද දෙවනුව මිටිකිරි ද දමා පරිප්පු තැම්බෙන තුරු පිසගන්න.

තවත් මේ වගේ රස කෑමක් එක්ක ඉලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්


Wednesday, September 4, 2019

හාල් පිටි හැලප

අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා හොදට දන්න කෑමක් ගැන. ඔයාලා කුරක්කන් හැලප කාලත් ඇති හදලත් ඇති නේද. හැබැයි අද අපි කියලා දෙන්නේ කුරක්කන්වලින් හැලප හදන හැටි නමි නෙමෙයි. මේ හැලප හදන්නේ හාල් පිටිවලින් එහෙනමි අපි බලමු කොහොමද එක හදන්නේ කියලා. 

හාල් පිටි හැලප 


අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් පිටි ග්‍රෑමි 500 යි
  • හකුරු ග්‍රෑමි 250 යි
  • පොල් බෑයක පොල්
  • පදමට ලුණු

සාදන ක්‍රමය

  • හාල් පිටි කබලේ යන්තම් බැද ගන්න.
  • ඉන්පසු පොඩිකර ගන්න.
  • හකුරු සුරා ගන්න. නැත්නමි පැණි බෝතල් 1/4 ක් දමන්න.
  • සියලුම ද්‍රව්‍ය සාස්පානකට දමා හොදින් අනන්න. (ගාගත් පොල් ඇතුලු සියලු දේ)
  • දැන් මිශ්‍රණයෙන් ස්වල්පයක් කැන්ද කොළයකට තබා කොළය දෙකට නවා තදකර හැලප සාදා ගන්න.
  • ඉන්පසු වාෂ්පයෙන් තම්බා ගන්න.

එහෙනමි හදලා බලන්නකෝ රස ද කියලා. මේ වගේ තවත් කෑමක් එක්ක හම්බවෙමු ඉලග පොස්ට් එකෙන් සුබ දවසක්.

Monday, September 2, 2019

බතල ටොෆි

ආයුබෝවන් හැමෝටම.........
අද අපි ඔයාලාට කියලා දෙන්න යන්නේ බතල ටොෆි හදන හැටි ගැන.

                             බතල ටොෆි




අවශ්‍ය ද්‍රව්‍ය

  • තමිබාගත් බතල කෝප්ප 1 යි
  • සිනි කෝප්ප 1 1/2 යි
  • කිරි පිටි මෙිස හැදි 2 යි
  • ලුණු කුඩු ස්වල්පයක්
  • වැනිලා සහ පාට වර්ගයක්

සාදන ක්‍රමය

  • පොඩි කර ගත් බතල සිනි හා කිරි පිටි සමග හොදින් මිශ්‍ර කරන්න.
  • මේ මිශ්‍රණය ලිප තබා හැදි ගාමින් ටොෆි පදම එනතුරු පිසින්න.
  • ලිපෙන් බෑමට පෙර ලුණු ඇතුලු රස කාරක එක් කරන්න.
  • තෙල් තවරා ගත් තැටියක අගල් 1/4 ක් පමණ ඝනකමට තුනි කොට කපා ගන්න.

බතල ටොෆි හදලා බලන්නකෝ රස ද කියලා. එහෙනමි මේ වාගේ තවත් රස ම රස කෑමක් එක්ක හම්බවෙමු ඊලග පොස්ට් එකෙන් සුබ දවසක්. 



සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...