Search This Blog

Saturday, September 28, 2019

හාල්මැස්සන් හොදි

                   රසවත් හාල්මැස්සන් හොද්දක්

                          සාදා ගන්නා ආකාරය




අවශ්‍ය ද්‍රව්‍ය

  • වියළි හාල්මැස්සන් 250g
  • කරපිංචා කොළ ඉත්තක්
  • රම්පේ කොළයක්
  • අමු මිරිස් කරල් 4ක් 
  • බීලුනු ගෙඩියක්
  • තක්කාලි ගෙඩි 4ක්
  • සුදු ලුනු ගෙඩි 1/2
  • උලු හාල් තේ හැදි 1/2
  • කුරුදු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු පුරවාගත් තේ හැදි 2
  • අමු තුනපහ කුඩු තේ හැදි 1 1/2
  • කහ කුඩු තේ හැදි 1/2
  • පොල්  ‍ගෙඩි බෑයක මිටිකිරි හා දියකිරි
  • පොල්තෙල්


සාදන ක්‍රමය


  • මුලින්ම හාල්මැස්සන්ගේ හිස හා යටි බඩ ප්‍රදේශයේ බඩවැල් ඉවත් කර ගන්න. ඉන්පසු හොදින් වැලි ආදිය ඉවත් වන ලෙස ජලයෙන් සෝදා ගන්න. අවශ්‍ය නමි දෙහි ඉස්ම මගින් හාල්මැස්සන්ගේ පිලිගද ඉවත්කර ගත හැක. 
  • මෙසේ සෝදාගත් හාල්මැස්සන් පසෙකින් තබන්න. 
  • කරපිංචා, රම්පේ, අමු මිරිස්, සුදුලුනු, තක්කාලි ආදිය ජලයෙන් පිරිසිදු කර අවශ්‍ය පමණට කපාගන්න.
  • පිසිම සදහා මැටි හට්ටියක් යොදා ගන්න. ලිප දල්වා ලිප මත සෝදාගත් මැටි හට්ටිය තබන්න. ජලය ඉවත්ව ගිය පසු පොල්තෙල් දමා රත්වන තුරු තබන්න.
  • පොල්තෙල් රත් වු පසු මුලින් ම උලුහාල් දමන්න. උලුහාල් බැදුනු පසු කරපිංචා, රම්පේ එක් කරන්න.
  • ඉන්පසු අමු මිරිස් කරල් දමන්න. මදක් මිශ්‍රණය බැදුනු පසු කපාගත් බීලුනු එක් කරන්න. බීලුනු බැදෙන තුරු සාමාන්‍ය ගින්නේ පිස ගන්න.
  • ඉන්පසු ව මිරිස් කුඩු හා අමු තුනපහ කුඩු එක්කර මිශ්‍රණය මදක් තෙම්පරාදු කරන්න.
  • ඉන්පසු කපාගත් තක්කාලි ටික මිශ්‍ර කරන්න. තක්කාලි හොදින් තෙම්පරාදු වු පසු හාල්මැස්සෝ ටික එක් කරන්න.
  • සුදුලුනු හා කහ කුඩු ද එක් කරන්න. මිශ්‍රණය හොදින් කලවම් කර මදක් තෙම්පරාදු වීමට ඉඩ හරින්න.
  • ඉන්පසු ව සාදාගත් දියකිරි ටික දමන්න. මුඩියකින් හට්ටිය වසා හොදින් තැම්බෙන්නට හරින්න.
  • හාල්මැස්සෝ ටික හොදින් තැම්බුනු පසු මිටිකිරි ටික එක් කරන්න. ඒ වාගේම හොදින් හැදි ගාන්න.
  • හොද්ද හොදින් රත් වු පසු ගින්දර අඩුකර මද ගින්නේ විනාඩි 10ක් 15ක් පමණ පිසගන්න. අවශ්‍ය නමි ලුණු එක් කරගන්න.

මෙසේ හොද්ද ලිප මත ඇති විට රතු පැහැති තෙල් මතුවේ. එය රසවත් හාල්මැස්සන් හොද්දක ලකුණකි. මෙසේ සාදාගත් හාල්මැස්සන් හොද්ද ඉදිආප්ප සමග ඉතාම රසවත්ය. ඒ වගේම දහවල් ආහාර වේලට ද කියාපු ව්‍යංජනයකි. ඔයාලත් අදම රසවිදින්න.

1 comment:

  1. හාල්මැස්සෝ එක්ක තක්කාලි දාන්න හොඳ නෑ නේද

    ReplyDelete

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...