Search This Blog

Friday, August 30, 2019

රටදෙල් අලුවා


ආයුබෝවන් ඔයාලා හැමෝටම.අද අපි ඔයාලාට කියලා දෙන්න යන්නේ ලේසියෙන් ම හදාගන්න පුලුවන් කෑමක් ගැන. හැබැයි දෙල් ගෙඩියක් නමි ගන්න වෙිනවා මෙිවා හදන්න.


                              රටදෙල් අලුවා



                             

අවශ්‍ය ද්‍රව්‍ය                                                     

·         ලොකු දෙල් ගෙඩි 1 යි

·         බැදපු හාල් පිටි හුන්ඩු 3/4 යි

·         පොල් තෙල් බෝතල් 1/2 යි

·         පැණි පත් 1 යි

සාදන ක්‍රමය

·         දෙල් ඉතා සිහින්ව ලියා ගන්න.

·         නටන තෙලෙන් බැද ගන්න.

·         පැණි ලිප තබා පදමට ඝන වෙිගෙන එන විට එයටම බැදගත් දෙල් කැබලි කවලමි කරන්න.

·         ඉන්පසු එයට පිටි කලවමි කර ලෑල්ලට දමා අවශ්‍ය පමණට තුනි කරන්න.

·         නිවෙන්නට ප්‍රථම කැබලි කපන්න.

ඔයාලා මෙික හදලා බලන්නකෝ. හරි ම ලෙසියි හදන්න ඒ වාගේ ම රසයි. එහෙනමි මේ වාගේ තවත් රස කෑමක් ඇරගෙන අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්





No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...