Search This Blog

Friday, August 30, 2019

කෝමලවට්ටන්


ආයුබෝවන් ඔයාලා හැමෝටම.......

රස බෝජුන් blog එකට ඔයාලාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මේකෙ දි ඉගෙනගන්න පුලුවන් ඔයාලා දන්න කෑම වර්ග ගැන වාගේ ම සමහර අය අහලාවත් නැති විවිධ කෑම වර්ග ගැන Recipes. අලුතින් කෑම හදන්න පුරුදු වෙන අපේ අයට මේ recipes ගොඩක් වැදගත් වෙයි. එක හින්දා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අද ඉදන් අපේ blog එකත් එක්ක. ඉතිං අද ඉදන් අපි වැඩෙි පටන් ගන්නවා.    
                                                එහෙනමි මෙික තමා අපේ පළවැනි පොස්ට් එක. අද අපි ඉස්සෙල්ලාම ඔයාලාට කියලා දෙන්න හදන්නේ ඔයාලා සමහර විට අහලාත් ඇති කාලත් ඇති. ඒ වුනාට මං දන්න තරමින් නමි මේක  අහලාවත් නැති අය ගොඩක් ඉන්නවා. ඒ අයට තමා මේක හදුන්වා දෙන්නේ. මේක අලුත් කෑමක් නෙවෙයි ඒ වුනාට මේකෙ නම ඔයාලට අලුත් ඇති. එහෙනමි බලමු අපි ඒ මොකක්ද, එක හදන්නේ කොහොමද කියලා.  
                              මේකෙ නම තමා කෝමලවට්ටන් අපි දැන් බලමු මෙවා හදන්න ගන්නේ මොනවාද, හදන්නේ කොහොමද  කියලා.
                                     කෝමලවට්ටන්
   

   
    අවශ්‍ය ද්‍රව්‍ය
  • රුලං ග්‍රෑමි 500
  • තල ඇට ග්‍රෑමි 200
  • රට ඉදි ග්‍රෑමි 25
  • කජු ග්‍රෑමි 100
  • මුද්දරප්පලමි ග්‍රෑමි 100
  • හකුරු පලුවක්
  • පොල් ගෙඩියක්
  • සිනි ග්‍රෑමි 250
  • එනසාල් ඇට 5ක්
  • ඉගුරු දෝසි ග්‍රෑමි 25
    
    සාදන ක්‍රමය
  • සිනිවලින් ටිකක් බදුනකට දමන්න.
  • එය ලිප තබා සිනි කැරමල් ආකාරයට සකස් කර වතුර ටිකක් දමා ඉතිරි සිනි ද දමා එනසාල් එකතු කර සිනි මිශ්‍රණය නැවතත් පත් පැණි ආකාරයට උණු කරන්න.
  • පොල් දමා මැලවුණු පසු බදුන ඉවතට ගෙන හකුරු, කුඩාවට කපා ගත් මුද්දරප්පලමි, කජු, තරමක් බැදගත් තල, රුලං සහ කපාගත් රට ඉදි මිශ්‍රකර බෝල සාදන්න.
  • බැටරය සාදා ගැනිම සදහා භාජනයකට පාන් පිටි ග්‍රෑමි 250, කහ කුඩු, ලුණු, මාගරින් ග්‍රෑමි 10 ක් සහ වතුර ටිකක් දමා පිටි මිශ්‍රණය සාදා, සාදාගත් බෝල එහි දවටා ගැඹුරු තෙලේ බදින්න. 
     
එහෙනමි ඔයාලා මේ කෑම එක හදලා බලන්නකෝ හොදයි ද කියලා. මේ වගේ තවත් රස ම රස කෑම වට්ටෝරුවක් එක්ක ඉලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 

No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...