Search This Blog

Saturday, August 31, 2019

සව් බොර

අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් රසවත් කෑමක් ගැන. ඒ තමා සව් බොර ඔයාලා මේවා රස විදලත් ඇති නේද. ඒ වුනාට මේ සව් බොර ගෙදර හදලා නැතුව ඇති කවුරුවත්ම. ඒ හින්දම අපි අද හිතුවා ලේසියෙන්ම සව් බොර ගෙදරදි හදාගන්න විදිහ ගැන කියලා දෙන්න. හොදයි අපි එහෙනමි බලමු සව් බොර හදන විදිහ ගැන.

                                       සව් බොර


අවශ්‍ය ද්‍රව්‍ය


  • සව් ග්‍රෑම් 200 ක්
  • සිනි ග්‍රෑම් 200 ක්
  • පොල් ග්‍රෑම් 200 ක්
  • පාන්කුඩු ග්‍රෑම් 200 ක්

සාදන ක්‍රමය


  • සව්,සිනි,පොල්,පාන්කුඩු සියල්ල එකට මිශ්‍ර කළ විට පිට්ටු මෙන් සෑදෙයි.
  • අගල් 2ක් පමණ විෂ්කම්භය ඇති අගල් 1/2 ක් උස ප්ලාස්ටික් බටයක් ගෙන එයට පළමු මිශ්‍රණය දමා බටර් ගාගත් තැටියක් මතට බටය තදකර ඉවත් කරන්න.
  • මේ ආකාරයට තැටිය මතට සව් බොර කිහිපයක් සාදා තබා සෙන්ටිග්‍රේඩ් අංශක 100 උෂ්ණත්වයට විනාඩි 15-20 ක් බේක් කරන්න.

ඔයාලා මේ විදිහට හදලා බලන්නකො එහෙනමි. මේ වාගේ තවත් රසම රස කෑමක් අරගෙන අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු හැමෝටම සුබ දවසක්.



No comments:

Post a Comment

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...