Search This Blog

Monday, December 9, 2019

සව් කිරි

සව් කිරි

 

අවශ්‍ය දුව්‍ය
  • සව් ඇට මේස හැදි 4 යි
  • පොල් කිරි කෝප්ප 2 යි
  • සීනි මේස හැදි 3 යි
  • වියළි මිදි මේස හැදි 1 1/2 යි
  • ලුණු ස්වල්පයක්
  • වැනිලා
සාදන ක්‍රමය
  • සව් සෝදා බදුනකට දමන්න.
  • ඉතිරි සියල්ල ද දමා මිශ්‍ර කරන්න.
  • ලිප තබා මද ගින්නේ පිසින්න.
  • දියර ගතිය ඉවත් වි මිශ්‍රණය ඝන වනතුරු පිසින්න.
  • වැනිලා මිශ්‍ර කර ලිපෙන් ඉවත් කර අතුරුපස කෝප්පයකට දමා ගන්න.



Thursday, December 5, 2019

jelly - ජෙලි

ජෙලි


අවශ්‍ය ද්‍රව්‍ය
  • ජෙලටින් තේ හැදි 3 යි
  • සීනි ග්‍රෑම් 150 යි
  • වතුර කෝප්ප 1 යි
  • වැනිලා ස්වල්පයක්
  • කලරින් ස්වල්පයක් (කැමති පාටක් ගත හැක)
සාදන ක්‍රමය
  • වතුර කෝප්ප 1/2 න් ජෙලටින් දිය කර පසෙකින් තබන්න.
  • ඉන්පසුව වතුර කෝප්ප  1කට සීනි දියකර ළිප තබා උණු කර ගන්න.
  • තරමක් උකු වුවාට පසු ජෙලටින් එයට දමන්න.
  • වැනිලා ද දමා ශිතකරණයේ තබන්න.


Wednesday, November 27, 2019

How to make mango jelly - අඹ ජෙලි

අඹ ජෙලි


අවශ්‍ය ද්‍රව්‍ය
  • අඹ ගෙඩි 20 ක් පමණ
  • සීනි කිලෝ 1 1/2 ක් 
  • වතුර
සාදන ක්‍රමය
  • අඹ සැහැගෙන ඇටය හැර මස්  කොටස කුට්ටි කපා ගන්න.
  • සාස්පානකට අඹ දමා එය වැසෙන්නට ඇති තරම් වතුර වත්කර හැදි ගාමින් නටවා ගන්න.
  • සාදාගත් අඹ මිශ්‍රණය මස්ලින් රෙදි කඩකින් පෙරාගෙන අඹ ඉස්ම ලීටර් එකක සීනි ග්‍රෑම් 750 ක් පමණ එකතු කරගෙන හැදි මිටේ ඇලෙන තෙක් හැදි ගාමින් නටවා ගන්න.


Friday, November 22, 2019

ජුජුබ්ස්

ජුජුබ්ස්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි කිලෝ 1 යි
  • වතුර මිලි ලීටර් 500 යි
  • ජෙලටින් ග්‍රෑම් 200 යි
  • උණු වතුර මිලි ලීටර් 100 යි
  • අයිසිං අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
  • සීනි හා වතුර හොදින් කලවම් කර උණු කරන්න.
  • පත් පැණි තරමට උණු  වුවාට පසු හැන්දකට ගෙන එයට පිඹින විට නූල් මෙන් විහිදේ.
  • මෙය ලිපෙන් බා විනාඩියක් පමණ තියන්න.
  • ජෙලටින් වතුරේ දියකර පෙරාගෙන ඉහත උණු සීනි දියරයට කලවම් කරන්න.
  • තැටියකට දමා ශිතකරණයේ හෝ එළියේ පැයක් පමණ තැබු විට ඝන වේ.
  • පසුව ඔබට අවශ්‍ය හැඩයකට කපා ගන්න.
  • එම ජුජුබ්ස් කැබලි අයිසිං සීනි හෝ කෝන් පිටිවල පෙරලා ගන්න.


Thursday, November 21, 2019

ගජුර් නැත්නම් සීනි මුරුක්කු ලෙසියෙන්ම හදා ගන්න

ගජුර් - සීනි මුරුක්කු


අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි ග්‍රෑම් 250 යි
  • පොල්තෙල් අවශ්‍ය පමණ
  • සීනි ග්‍රෑම් 250 යි
  • පදමට ලුණු
  • වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
  • භාජනයකට පිටි හලාගෙන ඊට ලුණු සහ වතුර ද එකතුකර අනාගන්න.
  • පිටි අතේ නොඇලෙන පදමට අනාගත් පසු ලෑල්ලකට ගෙන බෝතලයකින් තුනීකර ගන්න.
  • දැන් හතරැස් කොටු හැඩයට කපා ගන්න.
  • මේ කොටු තෙලේ බැදගන්න.
  • සීනි උණුකර පත් පැණි පදමට එනවිට බැදගත් කැබලි ඊට එකතු කර කලවම් කර ගන්න.

Wednesday, November 20, 2019

පාන් ටෝස්ට්

පාන් ටෝස්ට්


අවශ්‍ය ද්‍රව්‍ය 
  • පාන් පෙති
  • උකු පොල් කිරි කෝප්ප 1 යි
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1 යි
  • මිරිස් කුඩු තේ හැදි 2 යි
  • ලුණු ස්වල්පයක් හා කහ ස්වල්පයක්
  • බිත්තර
සාදන ක්‍රමය
  • පාන් හැර අනෙක් සියලුම දෑ බදුනකට දමා හොදින් ගසන්න.
  • කපා ගත් පාන් පෙත්ත බැගින් මෙම මිශ්‍රණයේ බහා පොගවා ගන්න.
  • රොටි පුච්චන තැටිය ළිප තබා රත් වු විට පාන් පෙත්ත දමා දෙපැත්ත පුලුස්සා ගන්න.

Tuesday, November 19, 2019

කිරි පුඩ්ං - milk pudding

කිරි පුඩ්ං


අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි ග්‍රෑම් 100 යි
  • ටින්කිරි 1/2 යි
  • බිත්තර 5 යි
  • මුද්දරප්පලම්, කජු මද සහ වැනිලා ස්වල්පයක්
  • බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය
  • ටින්කිරි උණු වතුර පයින්ට් එකක දියකර ගන්න.
  • සාදාගත් ටින්කිරි ද්‍රාවණයට සීනි සහ හොදින් ගසාගත් බිත්තර ද වැනිලා ද මුද්දරප්පලම් ද එකතු කර හොදින් ගසා ගන්න.
  • සුදුසු භාජනයක බටර් තවරා ඊට මිශ්‍රණය දමා ඊට කුඩුකර ගත් කජු මද උඩින් ඉසින්න.
  • සුදුසු රෙදි කඩකින් භාජනයේ කට වසා පැයක් පමණ හුමාලයෙන් තම්බා ගන්න. 

සව් කිරි

සව් කිරි   අවශ්‍ය දුව්‍ය සව් ඇට මේස හැදි 4 යි පොල් කිරි කෝප්ප 2 යි සීනි මේස හැදි 3 යි වියළි මිදි මේස හැදි 1 1/2 යි ලුණු ස්වල්...